ලෝක මද්යසාර නිවාරණ දිනය අදට යෙදී තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා සියලු බලපත්රලාභී මත්පැන් අලෙවිසැල් අද දින(03) තුල වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ.
මද්යසාර භාවිතය නිසා වසරකට ලොව පුරා මිලියන 3කට ආසන්න සංඛ්යාවක් මියයන අතර, දිනකට ශ්රී ලාංකිකයන් 40කට වැඩි සංඛ්යාවක් එමගින් වැලදෙන රෝගාබාධ නිසා අකාලයේ මරණයට පත්වන බව සඳහන්.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සිදුකළ අධ්යනයකට අනුව 2023 වන විට ලංකාවේ මධ්යසාර භාවිතය නිසා සිදු වූ සෞඛ්ය සහ ආර්ථික පිරිවැය රුපියල් බිලියන 237ක්.
මේ අතර දුම්කොළ සහ මද්යසාර අධිකාරියට අනුව ශ්රී ලාංකිකයන්ගෙන් 21%ක් මත්පැන් පරිභෝජනය කරයි.



