විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද

2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (06) පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අද පෙරවරු 08.30 සිට පස්වරු 03.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී.

ඒ අනුව මෙහිදී මේ සම්බන්ධයෙන් වාචික අදහස් ලබාගැනීම සිදුකරන බව එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවා.

2026 වසරේ 2 වන සහ 3 වන කාර්තු සඳහා නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්ගලික) සමාගම විසින් යෝජිත අතිවිශේෂ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙලෙස මහජන උපදේශනය ලබාගැනීමට කොමිසම තීරණය කර තිබෙනවා.

එමෙන්ම, සංශෝධිත විදුලි ගාස්තු පිළිබද තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීට පෙර සදහන් කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *