හරිනිට පෙම් බඳින ශානක්‍යන්

පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඉලක්ක කරගනිමින් අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම රටේ සමස්ත කාන්තාවන්ට සිදු කරන අපහාසයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා පවසයි.

ඉකුත් 9 වැනිදා පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇතුළත් සබැඳියාවන් දෙකක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් විපක්ෂයේ ඇතැම් පාර්ශ්වයන් මෙම අසත්‍ය ප්‍රචාර සහ මඩ ප්‍රහාර සිදු කරමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක වන මෙම මොඩියුලය සම්බන්ධයෙන් මුල් කරගත් මෙම ප්‍රහාර පාර්ලිමේන්තුව තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද සිදු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධ සිදුවීම් පිළිබඳ මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

එවැනි පසුබිමකදීද අග්‍රාමාත්‍යවරිය ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන මෙම අපහාසාත්මක ප්‍රකාශ අග්‍රාමාත්‍යවරියට පමණක් නොව, රටේ සියලුම කාන්තාවන්ට සිදු කරන අපහාසයක් බව ඔහු තවදුරටත් පැවසීය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *