ඉෂාරා සෙව්වන්දිට සැගව සිටීමට පහසුකම් සැපයීමත් රැකවරණය ලබාදීමත් සම්බන්ධයෙන් අලුත්ගම පොලිසියේ සේවය නිරත පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු සිව් දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.
පෙබරවාරි 19 වෙනිදා අලුත්කඩේ උසාවියේදී ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමෙන්පසු එදින ඇය රැඳී සිට ඇත්තේ වැලිපැන්නේ පිහිටි නිවසකය. එම නිවස හිමි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. අලුත්ගම පොලිසියේ කොස්තාපල්වරයා විවහාවී සිටින්නේ එම කාන්තාවගේ දියණිය සමඟය. ඉෂාරා සෙව්වන්දී එම නිවසේ සිටි බව දැනගෙන සිටියත් ඒ බව සඟවාගෙන සිටීම හේතුවෙන් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරික් සඳහන් කළේය.
නිවෙස් හිමි කාන්තාවගේ පුතා මතුගම ශාන් නමැති පාතාලයේ ප්‍රබල අපරාධකරුගේ හිතවතෙක් බවද අනාවරණය වී තිබේ. මතුගම ශාන්ගේ ඉල්ලීම මත ඇය එදින එහි නවාතැන් ගෙන ඇති බවද සඳහන්ය.
අනතුරුව මාස එකහමාරක පමණ කාලයක් ඇය සැඟව සිට ඇත්තේ දොඩංගොඩ නිවසකය. එම නිවසේ හිමිකරු මතුගම ශාන්ගේ පාසල් මිතුරෙක් බව සඳහන්ය. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඔහුවද අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව ඇය සැඟවී සිට ඇතැයි අනාවරණය වී තිබෙන්නේ මිද්දෙණියේය. බැකෝ සමන් විසින් ඇයට රැකවරණය ලබා දී තිබෙන බව අනාවරණය වී ඇත. එම නිවස ද මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වෙමින් තිබේ. එම නිවසේ හිමිකරු ද මේ අත්අඩංගුවට ගෙන ඇත.
මාසයක පමණ කාලයක් ඇය මිද්දෙණියේ රැඳී සිට ඇති බවඇති බව සඳහන්ය.
මිද්දණියේ සිට වවුනියාවත් අනතුරව යාපනයටත් ගොස් ඇය බෝට්ටුවකින් ඉන්දියාවට ගොස් තිබේ.



