අපොස උසස් පෙළ විභාගය හදාරන තම පුතා, සිය දේශපාලන පක්ෂයේ ශිෂ්ය සංවිධානයේ සක්රියව කටයුතු කරන බව ඇමති සුනිල් හඳුන්නෙත්ති පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී අදහස් දැක්වූ අමාත්යවරයා, තම පුතා පක්ෂයේ සංවිධාන කටයුතුවලට සම්බන්ධ වන ආකාරය පිළිබඳව විශේෂයෙන් සඳහන් කළේය.
අමාත්යවරයා සඳහන් කළ පරිදි, තම පුතා සහ ඔහුගේ සංවිධානයේ සගයන් එක්ව, පක්ෂයේ ප්රචාරණ කටයුතු සඳහා අවශ්ය පෝස්ටර් ගැසීම, බැනර් ගැසීම සහ වේදිකා ඉදිකිරීම වැනි බර වැඩ රාත්රී කාලයේදී සිදුකරන බවයි.
සිය පුතා දේශපාලනය කරනු ලබන්නේ තමන්ගේ අවශ්යතාව මත නොව, පුතාගේම අවශ්යතාව මත බව අමාත්යවරයා තවදුරටත් අවධාරණය කළේය.
කෙසේවෙතත් ඇමතිවරයාගේ මේ ප්රකාශය ඇතුළත් වීඩියෝවක් මේ වන විට දැඩි විවේචන සහිතව සමාජ මාධ්ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.



