කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබියදී, එහි ගබඩා කාමරයක් බිඳ දේපළ සොරාගැනීමේ පුවතක් වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගිය 01 වැනිදා පස්වරු 3:00 ත් 5:55 ත් අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බව පොලිසිය පවසයි. සොරුන් විසින් ගබඩා කාමරයේ දොර කඩා එහි තිබූ අබලි වයර්තොගයක් රැගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.
ගබඩා භාරකරු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ, අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වෙන අතරතුර ආයතනයේ ගණකාධිකාරීවරයා තමන්ට දුරකථන ඇමතුමක් ලබාදී ගබඩාවේ දොර කඩා ඇති බව දැනුම් දුන් බවයි. වහාම එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එහි තිබූ වයර් තොගය අතුරුදන්ව ඇති බව ඔහු දැක තිබේ.
කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.



