අගරදගුරු ඉල්ලා අස්වෙයි..?

ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ප්‍රධාන නායකත්ව වෙනසක් සඳහා මග පෑදෙමින්, වත්මන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම වසර අවසානය වන විට සිය ධූරයෙන් ඉවත් වීමට ඉඩ ඇති බව කොළඹ පල්ලියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සහ වතිකානුවෙන් ලැබෙන තොරතුරු උපුටා දක්වමින් ‘ශ්‍රී ලංකා ගාඩියන්‘ වාර්තා කරයි.

 
2009 වසරේ සිට 9 වැනි කොළඹ අගරදගුරුතුමන් ලෙස සේවය කරන කාදිනල් හිමිපාණන්, මේ වසරේදී සිය 79 වැනි වියට පා තබයි.
 
පල්ලියේ නීති රීති අනුව රදගුරුතුමන්ලා වයස අවුරුදු 75 දී ඉල්ලා අස්විය යුතු වුවද, කාදිනල් හිමිපාණන් හට වයස අවුරුදු 80 දක්වා පාප් වහන්සේ තේරීමේ ඡන්ද බලය හිමි වේ. 
 
කෙසේ වෙතත්, කාදිනල් හිමිපාණන් සිය 79 වැනි උපන්දිනයෙන් පසු විශ්‍රාම ගැනීමට ස්වේච්ඡාවෙන්ම කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.
 
මෙම තීරණයට පසුබිම් වී ඇත්තේ අගරදගුරුතුමන්ගේ මෑත කාලීන ක්‍රියාකලාපය සහ සභාවේ නායකත්වයේ දිශානතිය පිළිබඳව වතිකානුවේ ඇතැම් පාර්ශ්වයන් තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වයයි.
 
විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසු යුක්තිය ඉල්ලා උන්වහන්සේ කළ ප්‍රකාශයන් සහ වතිකානුවේ ශ්‍රී ලංකා තානාපති මොන්සිඤ්ඤෝර් ඇන්ඩ්‍රේ ජොස්වොවිච් හිමිපාණන් මෑතකදී අවධාරණය කළ සංහිඳියාව පිළිබඳ ස්ථාවරය අතර යම් පරස්පරතාවයක් නිරීක්ෂණය වන බවද එම වාර්තාව පෙන්වා දෙයි.
 
කාදිනල් හිමිපාණන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස දැනට නම් හතරක් පිළිබඳව අවධානය යොමුව ඇති බව පල්ලියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *