අතුරුදන් වූ අමෙරිකානු ගුවන් නියමුවා බේරා ගැනේ

ඉරානය විසින් අමෙරිකානු ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි අමෙරිකානු ගුවන් නියමුවා මුදාගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, එහිදී දරුණු වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව ද වාර්තා වේ. 

පසුගිය සිකුරාදා F-15E Strike Eagle යානය කඩා වැටීමෙන් පසු අමෙරිකාව විසින් ඉතා කඩිනම් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී. 

එම කාලය තුළ ඉරානය ද නිවේදනය කර තිබුණේ “සතුරු ගුවන් නියමුවා” භාර දෙන ඕනෑම අයෙකුට ත්‍යාග පිරිනමන බවය.

මුදාගත් ගුවන් නියමුවා තුවාල ලබා ඇති නමුත් ඔහු සුවය ලබනු ඇති බවත්, ඔහු ඉරානයේ දුෂ්කර කඳුකර ප්‍රදේශයක සිටි බවත් ට්‍රම්ප් සඳහන් කළේය. 

මෙම මෙහෙයුම සඳහා ගුවන් යානා කිහිපයක්ම සම්බන්ධ වූ බවත්, ඇමරිකානු හමුදාව දවසේ පැය 24 පුරාම ඔහුගේ පිහිටීම නිරීක්ෂණය කරමින් සිටි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පෙබරවාරි අග භාගයේදී ආරම්භ වූ මෙම ගැටුමෙන් පසු ඉරාන භූමියට කඩා වැටුණු පළමු අමෙරිකානු යානය මෙය වේ.

කෙසේවෙතත් ඉරානය දැනටමත් තවත් ඇමරිකානු යානා දෙකක් බිම හෙළා ඇති බව පවසයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *