අධ්‍යාපනයේ ඉතිහාසය වෙනස් කරනවා – අගමැතිනි හරිනි

මේ වන විට වත්මන් ආණ්ඩුව සිදුකරමින් සිටින්නේ ඉදිරි දශකයෙන් පසු රට තිබිය යුතු තැනට පත්කිරීමේ මූලික අඩිතාලම දැමීම බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට ඊයේ මාතලේ දී එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, ඉතිහාසය අලු‍තෙන් ලියන්නට සහ අධ්‍යාපනයට නව ඉතිහාසයක් නිර්මාණය කිරීමට ජනතාවට ආරාධනා කරන බවයි.

මේ අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පෙරපාසැල් ගුරු වෘත්තීකයන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවේදි ද ඊයේ අදහස් පළ වුණා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *