සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රූපවාහිනී වැඩසටහනකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
එම රූපවාහිනී වැඩසටහනේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කළ අදහස් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හෙට (12) පෙ.ව. 10:00 ට CID කාර්යාලයට පැමිණෙන ලෙස තමන්ට දැනුම් දී ඇති බව මන්ත්‍රීවරයා පවසයි.
මෙම කැඳවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, “තමන් තේරී පත් වූ රජයේ තත්ත්වය ගැන ජනතාවට කියන්න මම කැමතියි. මෙය රූකඩ රජයක් බවට පත්ව තිබෙනවා” යනුවෙනි.



