අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම රථවාහනවල සෑම ආසනයකම ගමන් ගන්නා මගීන් ආසන පටි පැලඳිම ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට අනිවාර්ය කෙරුණා.
ඒ අනුව, ආසනපටි පැළදීමේ නීතිය අදියර 3ක් යටතේ ක්‍රියාත්මක කෙරුණා.
එහි පළමු අදියර පසුගිය වසරේ ජුනි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වූ අතර, එමගින් සියලුම මාර්ගවල ධාවනය කරන බස්රථවල රියැදුරන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කෙරුණා.
දෙවැනි අදියරේදී සියලුම අධිවේගී මාර්ගවල ධාවනය කරන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල ගමන් කරන මගීන් ද ආරක්ෂිත පටි පැළදීම අනිවාර්ය කර තිබුණා.
ඒ අනුව, ඒ සඳහා ලබා දී තිබූ සහන කාලය අවසන් වීමත් සමග ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අදාළ නීතිය ක්‍රියාත්මක වුණා.



