අප්‍රේල් 16 සහ 17 රාජ්‍ය සේවකයින් Online වැඩ

රට මුහුණපාා ඇති ඉන්ධන සහ බලශක්ති අර්බුදය හේතුවෙන්
අප්‍රේල් 16 සහ 17 යන දිනවල රාජ්‍ය සේවකයින් මාර්ගගත ක්‍රමයට රාජකාරී කටයුතු වල යෙදවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

එසේම අප්‍රේල් 07 සහ 09 යන දිනවල පාසල් මට්ටමින් බලශක්ති කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමටත්, විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු හැකි සෑම විටම මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට අවධානය යොමු කර තිබේ.

රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ තෙවන රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පැවැති සාකච්ඡාවේදී
ඉහත කරුණු සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

ග්‍රාම නිලධාරී ප්‍රවේශ විභාගය ඇතුළු සැලසුම් කළ විභාග නියමිත පරිදි පැවැත්වීමට පියවර ගෙන ඇති අතර, ප්‍රවාහන, ඩිජිටල් ආර්ථික සහ අධිකරණ අමාත්‍යාංශ අත්‍යවශ්‍ය සේවක පිරිසක් පමණක් කැඳවමින් සේවා පවත්වාගෙන යාමටද මෙහිදී තීරණය කර තිබෙන බව ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කරයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *