අම්බලන්ගොඩ දී වෙඩි වැදුණු ව්‍යාපාරිකයා මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ මෝදර දේවාලයේ සභාපතිවරයා බව තහවුරු කළ ආරංචි මාර්ග පවසනවා.

මෙසේ මියගියේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මිරන්ත වරුෂවිතානයි.

මෙම වෙඩි තැබීම සිදුවුයේ අද (04) උදෑසන අම්බලන්ගොඩ නගර සභාව අසලදීයි.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔහු කරන්දෙණිය සුද්දාගේ මස්සිනා බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *