අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ උඩුමහලේ අද (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් නාගරික මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත තිබේ.

අද උදෑසන 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා පැවසීය.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මොහු අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ නැමැත්තාගේ ඥාතියෙකු බව ද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 4ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *