ඉඩමකට බලපත්‍රයක් සකස් කිරීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ඉල්ලා ලබා ගත්තැයි කියන කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ඔහුගේ පෞද්ගලික රියැදුරු අල්ලස් කොමිසම විසින් අද (31) අත්අඩංගුවට ගෙන තිබෙයි.
ඒ කුච්චවේලි ඉක්බාල් නගර් ප්‍රදේශයේදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අයිනිය පිල්ලේ මුබාරක් (50) සහ ඔහුගේ පෞද්ගලික රියැදුරු ලෙස කටයුතු කළ එම්. එම්. ඉර්ෂාද් (34) යන අයවලුන් ය
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත මෙම පැමිණිල්ල කර තිබුණේ මුලතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් බව එම කොමිසම සඳහන් කරයි
සැකකාර ප්‍රාදේශීය සභාපතිවරයා පැමිණිලිකාරියගේ ඉඩමක පර්චස් 20ක් සඳහා බලපත්‍රයක් ලබාදීමට රුපියල් එක්ලක්ෂ හැට දහසක මුදලක් මුලින් ලබාගෙන ඒ සඳහා බලපත්‍රය ලබාදී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
පසුව එම ඉඩමේ ඉතිරි කොටස සඳහා බලපත්‍රය ලබාදීමට රුපියල් ලක්ෂ පහක මුදල ඉල්ලා ලබාගනිද්දි අද (31) මෙලෙස අත්අඩංගුවට පත්වූ බව අල්ලස් කොමිසම පවසයි.
මේ වන විට සැකකරුවන් නිලාවේලි පොලිසියට රැගෙන විත් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකරමින් සිටින බවට වාර්තා වෙයි
සැකකරුවන් දෙදෙනා අද (31) සවස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අල්ලස් කොමිසම පවසයි.
කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයිනිය පිල්ලේ මුබාරක් නමැති අය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ඉලංගෙයි තල්මි අරසු කච්චි යන පක්ෂ දෙක එකමුතුව ප්‍රාදේශීය සභාවේ බලය ලබාගෙන තිබුණි



