බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය විසින් 2026 සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ප්රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අලුත් අවුරුදු උදාව අප්රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්වභාග 09.32 ට සිදුවනවා.
පුණ්ය කාලය යෙදී ඇත්තේ අප්රේල් 14 වැනි අඟහරුවාදා පූර්වභාග 03.08 සිට අපරභාග 03.56 දක්වායි.
ආහාර පිසීමේ නැකත අප්රේල් 14 වැනි අඟහරුවාදා පූර්වභාග 10.51 ට යෙදී තිබෙනවා.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අප්රේල් 14 වැනි අඟහරුවාදා අපරභාග 12.06 ට යෙදී ඇති බව සඳහන් වනවා.
හිස තෙල් ගෑම අප්රේල් 15 වැනි බදාදා පූර්වභාග 06.55ට යෙදී තිබෙනවා.
හදිසි රාජකාරි සඳහා අප්රේල් 17 වැනි සිකුරාදා පූර්වභාග 05.38ට උතුරු දිශාව බලා පිටත් වීම සුදුසු බවයි සඳහන් වන්නේ.
රැකි රක්ෂා සඳහා පිටත්ව යාම අප්රේල් 20 වැනි සඳුදා පූර්වභාග 6.27ට දකුණ දිශාව බලා හෝ පූර්වභාග 6.50ට නැගෙනහිර දිශාව බලා පිටත් වීම සුදුසු බවද සඳහන් වනවා.
එමෙන්ම පැළ සිටුවීමේ නැකත යෙදී ඇත්තේ අප්රේල් 23 වැනි බ්රහස්පතින්දා පූර්වභාග 09.01ට උතුරු දිශාව බලා සුදුසු බවද දැක්වෙනවා.



