ආපදාවට පත් වෙළෙඳ නෞකාවක් බේරා ගැනීමේ මෙහෙයුම් නාවික හමුදාව අරඹයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුර මුහුදේ ප්‍රධාන යන්ත්‍රවල කාර්මික දෝශයක් හේතුවෙන් ආපදාවට පත් MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමුදුර ඊයේ (24) පිටත්ව ගොස් තිබේ.

සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සෝදිසි සහ ගලවා ගැනීම් මෙහෙයුම් ක්ෂණිකව දියත් කෙරිණි.

ඒ අනුව මෙම ආපදාවට පත් MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ ඉන්දියානු, තුර්කි, සහ අසර්බයිජාන් ජාතිකයින්ගෙන් සමන්විත 14 දෙනෙකුගෙන් යුක්ත කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමුදුර ආපදාවට පත් නෞකාව ඇති මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කර තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *