ගංවතුර සහ නාය යාම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම සිසුවෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් 25,000ක් ප්‍රදානය කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
මේ අතර, අයහපත් කාලගුණය නිසා දරුවන් 275,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.



