දින ගණනාවක් පුරා ඇති වූ දරුණු ගංවතුර, නායයෑම් සහ තද සුළං හේතුවෙන් ආපදාවට පත් ශ්රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සඳහා සහන කටයුතු සහ එම රටවල් යළි ගොඩනැගීමට ආධාර ලබාදීමට ඇපල් සමාගම ඉදිරිපත්ව ඇත.
ඇපල් සමාගමේ විධායක නිලධාරී ටිම් කුක් සිය X ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සදහන් කර තිබේ.
තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්රී ලංකාව යන රටවල ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් එම රටවල සිටින ජනතාව මේ වනවිට දැඩිලෙස පීඩාවට පත්ව සිටින බවත් ඔවුන් සියලු දෙනාටම සමාගමේ ශෝකය පළ කරන බවත් ඇපල් සමාගමේ ප්රධාන විධායක නිලධාරීවරයා සඳහන් කර ඇත.



