ඇයි රත්තරන් මෙච්චර ගණන් ?

දේශීය වෙළෙඳපොලේ රන් මිල අද දිනයේදී ඉතිහාසයේ නොවූ විරූ ලෙස ඉහළ යෑමක් වාර්තා කරමින් කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂ 4 සීමාව ඉක්මවා ගොස් තිබේ.

සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය (All Ceylon Jewellery Association) සඳහන් කළේ, අද පෙරවරුව වන විට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව, කැරට් 22 රන් පවුමක මිල ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් රුපියල් 379,200 ක් ලෙස වාර්තා වේ.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනුයේ , ඊයේ (16) දිනයට සාපේක්ෂව අද දිනයේදී පමණක් රුපියල් 15,000 කින් රන් මිල ඉහළ ගොස් ඇති බවයි. රන් මිල මෙලෙස සීඝ්‍රයෙන් ඉහළ යෑමට බලපා ඇත්තේ දේශීය විනිමය අනුපාතයේ අස්ථාවරත්වය සහ ජාත්‍යන්තර වෙළෙඳපොලේ රන් මිල ගණන් ඉහළ යෑමයි.

රන් මිලෙහි මෙම අසාමාන්‍ය වැඩිවීම හේතුවෙන් ස්වර්ණාභරණ වෙළෙඳාමේ සහ රන් ආයෝජනයේ යෙදෙන පාරිභෝගිකයින් දැඩි අවදානම් සහගත තත්ත්වයකට මුහුණ දී සිටී

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *