ඉන්දියාවෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 299ක ඉලක්කයක්

2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගය ලෙසින් අද (02) පැවැත්වෙන ඉන්දියා – දකුණු අප්‍රිකා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියා කණ්ඩායම ලකුණු 298ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී යාමෙන්.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03.00ට ආරම්භ කිරීමට නියමිතව තිබුණද, පිටියට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීම ප්‍රමාද කෙරුණු අතර, කාසියේ වාසිය හිමිකරගත් දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ෂෆාලි වර්මා විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 87ක්ද, ස්ම්‍රිති මන්දනා ලකුණු 45ක්ද, ජෙමිමා රොඩ්‍රිගස් ලකුණු 24ක්ද, නායිකා හර්මන්ප්‍රීත් කෞර් ලකුණු 20ක්ද, අමන්ජොත් කෞර් ලකුණු 12ක්ද. දීප්ති ශර්මා ලකුණු 58ක්ද, රිචා ගෝෂ් ලකුණු 34ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්, අයබොන්ගා කාකා කඩුළු 03ක්ද, නොන්කුලුලෙකෝ ම්ලාබා, නඩින් ද ක්ලර්ක් සහ ක්ලෝයි ට්‍රයෝන් එක් කඩුල්ල බැඟින් දවාගත්තා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 299ක පිළිතුරු ඉලක්කයක් හිමියි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *