ඉන්දීය වීසා සම්බන්ධව දැනුම්දීමක්

ඉන්දීය වීසා සහ කොන්සියුලර් සේවා කටයුතු නොවැම්බර් 03 වනදා සිට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සෘජුවම මෙහෙයවන බව එම කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ, වීසා ආශ්‍රිත කටයුතු සිදුකරන බාහිර ආයතනය ක්‍රියාත්මක වන්නේ ඔක්තෝබර් 31 දක්වා පමණක් බවය.

ඒ අනුව ලබන සඳුදා සිට ඉන්දීය වීසා, විදේශ ගමන් බලපත්‍ර හා කොන්සියුලර් සේවා සියලු කටයුතු කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, මහනුවර සහකාර ඉන්දීය මහකොමසාරිස්, යාපනය කොන්සල් කාර්යාල මගින් සෘජුවම සිදුකරනු ලැබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *