ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25%කින් පමණ ඉහළ යා යුතු බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථහිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ඒ.එම්.එච්.අධිකාරී මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් රජය දැනුවත් කිරීමට ද මේ වන විට පියවර ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අද (26) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව ද ඒ.එම්.එච්.අධිකාරී මහතා සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“බෙදාහැරීමේ කටයුතුවල අපහසුතාවය තිබුණත් මේ දින සියල්ලගේම කිසිදු අඩුවක් නොමැතිව එම කටයුතු සිදුකළා. එහෙම තියෙද්දි තමා ඉතා විශාල ප්‍රමාණයකින් ඉන්ධන මිල පසුගිය දා වැඩිවුණේ. මේ මාසය තුළ ඉන්ධන මිල රු 101කින් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපේ බෙදාහැරීම් සිදුකරන්න ටැංකිරථහිමියන් විශාල අපහසුතාවයට පත්වෙලා තියෙනවා. ඉන්ධන මිල වැඩි වීමට අදාළ ගැලපුම දැනට සිදුවෙලා තියෙනවා. නමුත් අපිට විශේෂයෙන්ම නගරාන්තර බෙදාහැරීම් තමා අපිට දැනට විශාල ගැටලුවක් වෙලා තියෙන්නේ. විධායක කමිටුව ඒකමතිකව තීරණය කළා නගරාන්තර බෙදාහැරීම 25%කින් වැඩි කරලා 21 වෙනිදා ඉඳලා ලබාදෙන්න කියන ඉල්ලීම කරන්න. ඒ ඉල්ලීම දුන්නේ නැත්නම්, අපි බලාපෙරොත්තු වෙනවා පවතින රජය අපහසුතාවයට පත්නොකරයි කියන බලාපොරොත්තුවෙන් අපි ඉන්නවා.”



