ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 30 දෙනෙක් කරාපිටිය රෝහලට

අනතුරට ලක් වු ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 180 ක් පමණ ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ
ගුවන් හමුදාවට හැකිවූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (4) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ඉරානට අයත් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නැගුව පැනයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ විජිත හේරත් මහතා තවදුරටත් කියා සිටියේ එම නෞකාවේ සිටි පුද්ගලයින් 30 දෙනෙකු පමණ ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි.

නෞකාව අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නොවන බව පැවසූ ඒ මහතා එම සිද්ධිය වාර්තා වූ අවස්ථාවේ සිට නාවික හමුදාව සහ වෙරළා ආරක්ෂක නිලධාරින් මැදිහත්ව එහි සිටි අය මුදාගැනීමට කටයුතු කළ බව සඳහන් කළේය.

නෞකාවේ සිටි පුද්ගලයින් 30 දෙනෙකු දැඩි රෝගී තත්ත්වයට පත්ව සිටි බව පැවසූ විචිත හේරත් මහතා තවදුරටත් කියා සිටියේ මේ වෙන විටත් එය සිටිනන පුද්ගලයින් රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *