ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 5ක් මරුට

පලස්තීනයේ ඛාන් යුනිස් ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අවතැන් වූ පුද්ගලයින් රැදී සිටි ප්‍රදේශයක් වන අල් නජාත් වෙත මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් අතර ළමුන් දෙදෙනෙකු ද වන බව සඳහන් වේ.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 32ක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *