අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රජයේ අමාත්‍යාංශ සෘජුව වගකීම දරන්නේ රජය විසින් හඳුන්වා දුන් එම ගිණුම් සඳහා යොමු කරන මූල්‍යමය පරිත්‍යාග සඳහා පමණක් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත. මූල්‍යමය ආධාර භාර ගන්නා වෙනත් සංගමයක හෝ පුද්ගලයකුගේ ගිණුම් අංක සඳහා තම අමාත්‍යාංශය එකඟතාවක් හෝ අනුමැතියක් ලබා දී නොමැති අතර එම මූල්‍යමය […]

Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රු.මි. 300ක්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසු රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 300ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ සහ විධායක කමිටුවේ මඟපෙන්වීම යටතේ මෙම තීරණය ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසා සිටියේ, මෙම […]

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 5ක් මරුට

පලස්තීනයේ ඛාන් යුනිස් ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අවතැන් වූ පුද්ගලයින් රැදී සිටි ප්‍රදේශයක් වන අල් නජාත් වෙත මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් අතර ළමුන් දෙදෙනෙකු ද වන බව සඳහන් වේ. එමෙන්ම මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 32ක් තුවාල ලබා රෝහල් […]

අක්‍රම් පසුකර ස්ටාක් වැජඹෙයි

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා පත්වීමට ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක්ට අද (4) අවස්ථාව උදාවිය. ‘අළු බඳුන’ තරගාවලියේ බ්‍රිස්බේන්හිදි අද ආරම්භ වූ දෙවන තරගයේදී ඔහු මෙම සුවිශේෂී කඩඉම පසුකර ගියේය. ස්ටාක් මෙම තරගයේ මේ වනවිට කඩුලු 4ක් බිඳහෙළා ඇතිඅතර, ඒ සමග ඔහුගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 416ක් දක්වා ඉහළගොස් ඇත. ඒ අනුව ඔහුට […]

මෙරට ආපදා තත්ත්වය ගැන චීන ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතළ ගංවතුර ව්‍යසනය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ශෝක පණිවුඩයක් යොමු කර තිබේ. ශ්‍රී ලංකාවට බලපෑ අධික වර්ෂාපතනය ඇතුළු අයහපත් කාලගුණය හේතුවෙන් විශාල ජීවිත හා ආර්ථික හානි සිදු වූ බව දැන ගත් විගස තමා කම්පනයට පත් වූ බව ෂී ජින්පිං මහතා ඊයේ(03) […]

ආපදා මරණ 481ක් දක්වා ඉහළට

සමස්ත දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 481ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (4) පස්වරුවේ පැවසීය.   පසුගිය නොවැම්බර් 16වනදා සිට අද ප.ව. 6 දක්වා කාලය තුළ දත්ත මත මෙම නිවේදනය නිකුත්කර ඇත. එම නිවේදනයට අනුව පුද්ගලයින් 345ක් තවමත් අතුරුදන්ව සිටියි. එමෙන්ම පවුල් 48,559ක පුද්ගලයින් 171,492ක් තවමත් සුරක්ෂිත […]

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (4) ප.ව. 4.00 ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකිය අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් […]

ත්‍රිවිධ හමුදාවේ 28,500ක් ආපදා සහන ක්‍රියාන්විතයේ

ගලවාගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබලුන් 28,500ක පිරිසක් තවදුරටත් යොදවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පවසයි. ඔහු පවසන්නේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටි පුද්ගලයින් 31,057 දෙනෙකු මුදා ගැනීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කර ඇති බවය. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බිදවැටුනු […]