නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් සමයේ මෙම සිදුවීම් මාලාව චිත්‍රපටයක් සේ ඉදිරියට ගමන් කර හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාට සහ ඉන්පසු ගෝඨාභය රාජපක්ෂ මහතාට ද බලපෑම් එල්ල විය හැකි බවට තමා පෙර සිටම අනතුරු ඇඟවූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.
සුරේෂ් සලේ මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීමක් මත ඔහුගේ නීතිඥවරයා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඔහුව මුණගැසුණු බව ඔහු සඳහන් කළා.
සුරේෂ් සලේ මහතාට ලබාදී තිබුණේ, වැසිකිළිය ඉදිරිපිට තිබෙන ‘දඬුවම් කාමරය’ යනුවෙන් යනුවෙන් හඳුන්වන ක්ටියක් බවත්, එම වැසිකිළියෙන් හමන දැඩි දුර්ගන්ධය හේතුවෙන් ඔහුගේ ඉරුවාරදය (Migraine) රෝගී තත්ත්වය උත්සන්න වී ඇති අතර, ඒ සඳහා ලබාගන්නා ඖෂධ ප්‍රමාණය ද දෙගුණ කිරීමට සිදුව ඇති බවත් ඔහු කියා සිටියා.
රාත්‍රී කාලයේදී මීයන් සහ කැරපොත්තන් ඔහුගේ සිරුර මතින් ගමන් කරන බවත්, මීට පෙර එම කුටියේ සිටි අයෙකු මීයන් සපාකෑම නිසා රෝගාතුර වූ බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.
ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේ, කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්වූවා නම් මීට වඩා හොඳ සැලකිල්ලක් ලැබෙනු ඇතැයි සලේ මහතා එහිදී ප්‍රකාශ කළ බවයි.
තමා, තම පියා, සීයා මෙන්ම සහෝදරයන් දෙදෙනෙකු ද හමුදාවට එක්වී රටට සේවය කළ ද, ජාතියේ කෙළෙහිගුණ දැක්වීම මෙය දැයි ඔහු ප්‍රශ්න කර ඇති බවද ඔහු පෙන්වාදෙනවා.



