නාය යෑම් සහ ගංවතුර නිසා ආපදාවට ලක් වූ පුද්ගලයන් ලක්ෂ 10කට වැඩි පිරිසකගේ උප්පැන්න සහ විවාහ සහතික විනාශ වී ඇතැයි රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පිරිසට නැවත උප්පැන්න සහ විවාහ ලියාපදිංචි සහතික ලබා දීම සඳහා ජංගම සේවා වැඩසටහන් දැනටමත් ආරම්භ කර ඇතැයි රෙජිස්ට්රාර් ජනරාල් ශෂීදේවී ජලදීපන් පෙන්වා දෙයි.
ව්යසන තත්ත්වයට මුහුණ දුන් පුද්ගලයන් ලක්ෂ 22කට ආසන්න පිරිසකගෙන් අවම වශයෙන් මිලියනයට වැඩි පිරිසකගේ උප්පැන්න හා විවාහ සහතික විනාශ වී ඇතැයි එම දෙපාර්තමේන්තුව අනුමාන කරයි.
ආපදාවට ලක් වූ දිස්ත්රික්ක 22ක පුද්ගලයන්ට එක්දින කඩිනම් සේවාව යටතේ නොමිලේ මෙම ලියාපදිංචි සහතික නිකුත් කිරීම දැනටමත් ආරම්භ කර තිබෙන බව රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
“ක්ලීන් ශ්රී ලංකා” වැඩසටහන යටතේ ද ඇතැම් දිස්ත්රික්කයන්හි මෙම ජංගම සේවාව ක්රියාත්මක කරන බව රෙජිස්ට්රාර් ජනරාල්වරිය සඳහන් කළා ය.
මුලතිව් සහ මහනුවර දිස්ත්රික්කයන්හි මෙම ජංගම සේවා වැඩසටහන් ක්රියාත්මක කර ඇති අතර මේ වන විට උප්පැන්න හා විවාහ ලියාපදිංචි සහතික නොමැති පුද්ගලයන්ගේ දත්තයන් හා තොරතුරු රැස් කිරීම දිස්ත්රික් නියෝජ්ය රෙජිස්ට්රාර්වරුන් හරහා සිදු කරමින් පවතී.
ජනවාරිය අවසන් වීමට පෙර උප්පැන්න හා විවාහ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට පියවර ගන්නා බව රෙජිස්ට්රාර් ජනරාල්වරිය වැඩිදුරට ත් සඳහන් කළා ය.



