එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට ?

දිට්වා සුළි කුණාටුවත් සමග වෙළෙඳපොළේ උඩරට එළවළු වලට වඩා පහතරට එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවළු තොග සහ සිල්ලර වෙළෙඳුන් පවසනවා.

පහතරට වැවෙන බණ්ඩක්කා, පතෝල, මෑ කරල් ඇතුළු එළවළු වර්ග රැසක් කිලෝවක් රු. 400-500ත් අතර සිල්ලර මිලකට අලෙවි කරන අතර, බටු කිලෝවක් රු.650ක් වැනි මිලකට අලෙවි කරනු ලබනවා.

කැරට්, ගෝවා, බීට්, රාබු, ලික්ස් වැනි එළවළු වර්ග රු.300-350ත් අතර මිලකට අලෙවි කරන අතර, මාළු මිරිස් කිලෝවක් රු.1300, බෝංචි රු.1000 වැනි මිලකට අලෙවි කරනු ලබ බවටයි වාර්තා වෙන්නේ.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඊයේ එළවළු කිලෝ 91,510ක ඉල්ලුමක් ලැබුණ බවත්, එම ඉල්ලුමට සරිලන එළවළු වර්ග ගොවීන්ගෙන් මිලදීගෙන එම එළවළු තොග දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කල බවත්, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ නිළධාරියෙකු පැවසුවා.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට ගොවීන් සතුව එළවළු අස්වැන්න තිබෙන නිසා උඩරට එළවළු මිල ඉහළ නොයන බවයි එම නිළධාරියා කියා සිටියේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *