ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු ගැන ලැබුණු නියෝගය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් “අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද” අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය පිළිබඳ ගැටලුව ඊට සම්බන්ධ සියලු පාර්ශ්වය එක්ව සාකච්ඡා කර විසඳා ගැනීම සුදුසු බව අභියාචනාධිකරණය අද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට යෝජනා කර තිබේ.

ඒ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් අදාළ බද්ද අය කිරීමට ගෙන තිබෙන තීරණය අසාධාරණ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සහ එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් අද (06) විභාගයට ගත් අවස්ථාවේදීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් මෙම යෝජනාව සිදු කර ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *