කාඩ් එකෙන් ගෙවද්දී වැඩිපුර කැපුවද? ඒ මුදල ආපසු ගන්න ක්‍රමය මෙන්න

බැංකු කාඩ්පත් හෝ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ගෙවීම් සිදු කිරීමේදී, ඇතැම් වෙළෙඳ ආයතන විසින් 2.5%ක හෝ 3%ක අමතර මුදලක් අය කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඕනෑම වෙළෙඳ ආයතනයක් Online ගෙවීම් පහසුකම් ලබාගන්නේ අදාළ බැංකුවක් සමඟ ඇතිකර ගන්නා විශේෂ ගිවිසුමක් යටතේ වන බවත්, එම ගිවිසුම් ප්‍රකාරව, භාණ්ඩ හෝ සේවාවන්හි නියමිත මිලට වඩා වැඩිපුර කිසිදු අමතර මුදලක් පාරිභෝගිකයාගෙන් අය කර ගැනීමට අදාළ ආයතනවලට හැකියාවක් නොමැති බවත් පෙන්වා දෙනවා.

එබැවින් යම් වෙළෙඳ ආයතනයක් විසින් කාඩ්පත් ගෙවීම් සඳහා මෙලෙස වැඩිපුර මුදලක් අය කරන්නේ නම්, පහත සඳහන් පියවර අනුගමනය කරන ලෙස මහ බැංකුව ජනතාවට දැනුම් දෙනවා.

1.අමතර මුදල අය කළ බව සනාථ කිරීම සඳහා අදාළ ගනුදෙනුවට හිමි නිල රිසිට්පත ලබාගන්න.

2.ඔබට අදාළ කාඩ්පත නිකුත් කළ බැංකුව වෙත වහාම ඒ පිළිබඳව පැමිණිලි කරන්න.

ඒ අනුව, ගෙවීම් යන්ත්‍රය ලබාදුන් රිසිට්පත අදාළ බැංකුවට පෙන්වා වැඩිපුර අයකර ගත් මුදල ආපසු ලබා ගැනීමට හැකියාව තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *