කාන්තා කොමිෂන් සභාවක් පිහිටුවීමට රජයේ අවධානය

කාන්තාවන්ට ඇතිවන ගැටලු නිරාකරණය කිරීම සඳහා කාන්තා කොම්ෂන් සභාවක් පත්කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සඳහන් කළේ මෙම කොමිෂන් සභාව සඳහා දැනටමත් සත් දෙනකුගෙන් යුත් සාමාජිකයන් පිරිසක් පත්කර ඇති බවයි.

2024 අංක 34 දරණ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ ලැබී ඇති බලතල අනුව මෙම සාමාජිකයන් පත්කර තිබෙනවා.

මෙම කාන්තා කොමිෂන් සභාව හරහා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ස්ථානවලදී කාන්තාවන්ට සිදුවෙන ගැටලු, හිරිහැර, සහ අසාධාරණකම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ද ඉඩ ලැබෙනවා.

මෙයට අමතරව සමාජයේ දී ඇතිවන තාඩන පීඩන සම්බන්ධයෙන්ද මෙම කොමිෂන් සභාවට පැමිණිලි කිරීමේ හැකියාව තිබෙනවා.

ඒ වගේම කාන්තාවන් සම්බන්ධයෙන් අධිකරණ තුළ පවතින නඩු විභාග සඳහා ද අවශ්‍ය උපදෙස් ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සඳහන් කරනවා.

මෙයට අමතරව ජාත්‍යන්තරව ක්‍රියාත්මකව පවතින කාන්තා සංවිධාන හරහා අරමුදල් සපයා ගැනීම සඳහා මෙම කාන්තා කොම්ෂන් සභාව තුළ වෙනම අරමුදලක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *