කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත් වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක, චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය.

රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරගය තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර පැවති අවසන් එක්දින තරග 5න් තරග 3ක ජය පාකිස්තාන කණ්ඩායම හිමිකරගෙන ඇති අතර එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබේ.

දෙරට අතර එක්දින තරගාවලිය තරග 3කින් සමන්විතය.

අද තරග කරන සංචිතය පහතින්,

පැතුම් නිස්සංක
කමිල් මිෂාර
කුසල් මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
චරිත් අසලංක
ජනිත් ලියනගේ
කමිඳු මෙන්ඩිස්
වනිඳු හසරංග
දුෂ්මන්ත චමීර
මහීෂ් තීක්ෂණ
අසිත ප්‍රනාන්දු

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *