තමන්ට නියම වූ සිරදඬුවම්වලට එරෙහිව හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට (11) දින සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා
මෙම පෙත්සම් අද දින අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලනු ලැබුවා.
මෙහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සිය දේශන ඉදිරිපත් කිරීම අද දින අවසන් කළා.
ඒ අනුව, හෙට දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීතිඥවරුන් විසින් සිය දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



