කීරි සම්බා ගැන උත්තර බඳින ඩඩ්ලි

කීරි සම්බා හිඟයට හේතුව වී නිෂ්පාදනයේ පවතින ගැටළුවක් බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ(04) කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, වැඩි මිලට සහල් විකුණන වෙළඳසැල් සොයා පාරිභෝගික අධිකාරිය ක්‍රියාත්මක කරන වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ඒ අනුව කීරි සම්බා සහල් වැඩිමිලට අලෙවිකළ වෙළෙඳසැල් කිහිපයකට අධිකරණය මඟින් දඩ නියම කළා.

කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 310 බැගින් අලෙවිකළ බවට වරද පිළිගත් කළුතර, නාගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලකට කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල් 100,000ක දඩයක් නියම කර තිබුණා.

රුපියල් 300 කට කීරි සම්බා අලෙවි කළ පානදුර, සරික්කන්මුල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලකට ද රුපියල් 100,000ක දඩයක් නියම කරන ලෙසයි පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණේ.

එසේම කීරි සම්බා සහල් සඟවා සිටි හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ වෙළෙඳසැලකට ද දඩ නියම කළ හොරණ මහේස්ත්‍රාත් අධිකරණය එහි තිබූ කිලෝ පහේ කීරි සම්බා ඇසුරුම් 25 ක් රාජසන්තක කරනු ලැබුවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *