කොළඹ ජල සැපයුම ගැන නිවේනදයක්

කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ කටයුතුවලට බලපෑම් එල්ලවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසුවේ, අඹතලේ ජල පවිත්‍රාගාරයේ නිසා ආකාරව ක්‍රියා කිරීමේ ගැටලු මතුවුවහොත් කොළඹ නගරයට ජල සැපයුම් අවධානමට ලක්වන බවය.

“බස්නාහිර පළාතේ කිසිදු ගැටලුවකින් තොරව ජල සම්පාදනය සිදුකරනවා. නමුත් අපිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සහ ආපදා කළමණාකරන මධ්‍යස්ථානයෙන් අනතුර ඇඟවීම් කරලා තියෙනවා කැලණි ගඟේ ජල මට්ටම ඉහළ නගිමින් පවතිනවා කියලා. යම් ප්‍රමාණයකට තවත් අඩි 07කට අටකට ආසන්න ප්‍රමාණයකට ජල මට්ටම ඉහළ ගියහොත් අපිට අඹතලේ ජල පවිත්‍රාගාරයේ නිසා ආකාරව ක්‍රියා කිරීමේ ගැටලු මතුවෙනවා. එහෙම වුණොත් තමයි කොළඹ නගරයට ජල සැපයුම් අවධානමට ලක්වෙන්නේ. අපි පුළුවන් තරම් උත්සහා කරන්නේ ඒ තත්ත්වය මැඩ පවත්වා ගන්න.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *