ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස මහනුවර, නිල්ලඹේට

ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ, මහනුවර, නිල්ලඹේ ප්‍රදේශයට ඊයේ (28) දිනය තුළ මි.මී 431ක වාර්ෂාපතනයක් ලැබී ඇති බවය.

මේ අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩොතෙලෝයා වතුයාය මි.මී 277.8ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොක්කනායි ප්‍රදේශයට මි.මී 274ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ මැණික්දිවෙල ප්‍රදේශයට මි.මී 266.2ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කය

වල්පොලකන්ද – මි.මී 247.8
මහරච්චිමුල්ල – මි.මී 225
ලිහිණිවෙහෙර – මි.මී 213.8
දඹදෙණිය – මි.මී 184.6
වුඩා – මි.මී 183.4

කෑගල්ල දිස්ත්‍රික්කය

අරනායක – මි.මී 240.6
අලව්ව – මි.මී 236
කොටවැල්ල – මි.මී 228.8
වරකාපොළ – මි.මී215.8
ගලපිටමඩ – මි.මී 210.8
මොරොන්තොට – මි.මී 205.4
බෝයගම – මි.මී 192.8

නුවරඑළිය දිස්ත්‍රික්කය

වටවල – මි.මී 202.8

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *