“ගමට නොගියේ කැබ් නැති නිසාද?”

රට මුහුණ දී ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ජනතාව අතරට යාමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පසුබට වන්නේ කැබ් රථයක් නොමැති වීම නිසා දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ඊයේ (27) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පසුබැස නොසිට වහාම ගමට ගොස් ජනතාවට සහාය විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, වී ගොවියා, එළවළු ගොවියා ඇතුළු සමස්ත ගොවි ජනතාව මෙන්ම සමස්ත රටවැසියා ද මේ වනවිට විශාල අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

ආපදාවෙන් දැනටමත් බොහෝ වගාවන් විනාශ වී ඇති බවත්, එම වගාවන් නැවත ආරම්භ කිරීම සඳහා වහාම ගොවි ජනතාවට වන්දි ලබා දිය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහ ගොවීන්ට සහන සැලසීම ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීම බවට නලීන් බණ්ඩාර මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *