ගලගොඩඅත්තේ ඥානසාර දුටුතැන අල්ලන්න නියෝග

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඊට අමතරව ඥානසාර හිමියන් විදේශ ගතවීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද නිකුත් කරනු ලැබුවා.

ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම්දෙන ලෙසත් විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක වියයුතු බවත් අධිකරණය කළ නියෝගයේ සඳහන් වනවා.

උන්වහන්සේට ඊයේ (30) දිනයේත් වරෙන්තු නිකුත් කර තිබුණා.

ඒ, ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නීති කෘත්‍යට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

එමෙන්ම, අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි උන්වහන්සේට ප්‍රදානය කළ පොදු සමාව බල රහිත බව ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළ පසුබිමක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය පසුගිය 29 වැනිදාත් වරෙන්තු නිකුත් කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *