ගැඹුරු මුහුදේදී ඇල්ලූ බහුදින යාත්‍රාව දික්ඕවිට වරායට

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගත් මත්ද්‍රව්‍ය සහිත බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාව මේ වනවිට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් තිබේ.

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව ඊයේ සිදු කළ මෙහෙයුමකදී සිය භාරයට ගෙන තිබුණි.

නාවික හමුදාවට විශ්වසනීය තොරතුරක් ලැබී තිබුණේ, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ද්‍රව්‍ය තොගයක් අඩංගු බහුදින ධීවර යාත්‍රාවක් යාත්‍රා කරමින් පවතින බවටය.

ඒ අනුව, එම යාත්‍රාව භාරයට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කළ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් අදාළ යාත්‍රාව දෙසට ළඟාවූයේ නාවික හමුදාවට අයත් දිගුදුර නාවික නෞකා යොදාගනිමින්ය. 

අනතුරුව බහුදින යාත්‍රාව සිය භාරයටගත් නාවික හමුදා නිලධාරින් යාත්‍රාවේ සිටි සැකකරුවන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් සමග අදාළ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සදහා මේ වනවිට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *