පසුගිය පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් ලැබී ඇති අතර, ඉන් වැඩිම වර්ෂාපතනය මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වේ.
මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මඩුවෙන් වාර්තා වී ඇති වර්ෂාපතනය මිලිමීටර් (මි.මී.) 540ක් ලෙස සටහන් වී ඇත.
මේ අතර අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වූ අධික වර්ෂාපතන ප්‍රමාණයන් පහත පරිදි වේ:
නුවරඑළිය – කොත්මලේ – 421 mm
මහනුවර – මාරස්සන – 403mm, මොරහේන 394mm
නුවරඑළිය – වටවල 316mm
බදුල්ල- හාලිඇළ – 232mm
මෙම අධික වර්ෂාපතනය හේතුවෙන් එම ප්‍රදේශ අවට ගංඟා, ජලාශ සහ පහත්බිම් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයන් සහ නායයෑම් අවදානම් ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.



