ගෝඨාට ශිරන්තිට ලොකු නඩුවක්

කොළඹබ්ලූමැන්ඩල් වතු නිවාස හිමියන් සහ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉදිකළ ‘සිරිසඳ’ නිවාස ව්‍යාපෘතියේ නිවාස 22ක් දේශපාලන හිතවතුන් පිරිසකට ලබාදීම මගින් රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික බ්‍රිගේඩියර් රංජිත් සමරසිංහ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේරුපියල් කෝටි 39කට අධික මුදලක් වැය කර ඉදිකළ මෙම නිවාස සංකීර්ණයේ දුප්පත් ජනතාවට බෙදා දීමට තිබූ නිවාස 366කින් 22ක් මෙලෙස අවභාවිත කර ඇති බවයිහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂහිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සහ හිටපු නීතිපතිවරයෙකුගේ ඉල්ලීම් මත මෙම නිවාස හිතවතුන්ට ලබා දී ඇති බවට කොමිසම චෝදනා කළේය.

නිවාස ලබාගත් පිරිස අතර හිටපු ජනාධිපති ආර්යාවගේ රූපලාවණ්‍ය ශිල්පිනියන් දෙදෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකුලිපිකරුවෙකු සහ ගෘහ සේවිකාවන් නාවික හමුදා නිලධාරියෙකු සහ හිටපු පුවත්පත් කතුවරයෙකු සිංගප්පූරුවේ තානාපති කාර්යාලයක සේවය කළ ගෘහ සේවිකාවක සහ හිටපු නීතිපතිවරයාගේ නිවසේ සේවිකාවක විය.

මෙම නිවාස ලබාදීමේදී අදාළ පුද්ගලයන් බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස ව්‍යාජ ලිපින ඉදිරිපත් කරමින් සැකකරු විසින් අධ්‍යක්ෂ මණ්ඩලය නොමඟ යවා ඇති බව ද අල්ලස් කොමිසම අනාවරණය කළේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තර්ක කර සිටියේ මෙම නිවාස ලබා දී ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව බවයියම් හෙයකින් මෙම ලබාදීම් දේශපාලන මැදිහත්වීම් මත සිදුවූයේ නම්ඒවා අවලංගු කිරීමට නිවාස සංවර්ධන අධිකාරියට බලය තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයාසැකකරු විශ්‍රාමික නිලධාරියෙකු වීම සහ විමර්ශනවලට බලපෑම් කිරීමේ හැකියාව සැලකිල්ලට ගනිමින්රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැරීමට නියෝග කළේයමීට අමතරව සැකකරුට විදේශ ගමන් තහනමක් පැනවූ අතරසාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට ද නියෝග කෙරිණි.

සිද්ධිය සම්බන්ධ විමර්ශන ප්‍රගතිය ජුනි මස 16 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියම විය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *