බරපතළ අල්ලස් හා දූෂණ චෝදනා මත නීතිමය ක්‍රියාමාර්ගවලට ලක්ව සිටින චරිත් අබේසිංහ මහතාට ‘බහුජන බලය’ සංවිධානයේ සාමාජිකත්වයෙන් සහ එහි ජාතික සංවිධායක ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එම සංවිධානයේ විධායක මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා.
ඒ අනුව, බහුජන බලයේ ප්‍රධාන ලේකම් ඉරංග මෙන්ඩිස් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි සඳහන්.
චරිත් අබේසිංහ මහතාට එරෙහිව මතුව ඇති චෝදනා සහ ඒ සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සැලකිල්ලට ගනිමින් බහුජන බලය සංවිධානය මෙම තීරණය ගෙන ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
එම නිවේදනය පහතින්,



