චරිත්, රඛිත ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවකුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහගේ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය ලබන 17 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (3) දින නියම කළා.

මෙම සැකකරුවන්ට ඇප ලබා දීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මෙම අල්ලස් මුදල ලබා ගැනීම සදහා මෙම සැකකරුවන් ඩුබායිවල ගිය අවස්ථාවේදි හිටපු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂද ඩුබායිවල සිටි ඇති බව විමර්ශනවලින් අනාවරණය වු බව අල්ලස් කොමිස අධිකරණයට දැන්වුවා.

ඒ අනුව විජයදාස රාජපක්ෂ මහතා මෙම සිද්ධියට අදාලව කටයුතු කර තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ ඇති බවයි අල්ලස් කොමිස වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂක නිතී අනුෂා සම්බන්ධප්පෙරුම දැන්වුයේ.

විජේදාස රාජපක්ෂ 23/03/21 සිට 23/03/28 දක්වා ඩුබායි රටේ රැඳි සිට තිබෙන බව ආගමන විගමන තොරතුරු වලින් තහවුරු වුණ බවයි අල්ලස් කොමිසම පවසා සිටියේ .

සිද්ධිය සම්බන්ධයක් වැඩිදුරටත් කරුණු දැක්වූ සහකාර නීති අධ්‍යක්ෂකවරිය මෙලෙස සඳහන් කළා

” ස්වාමීනි සිද්ධියට අදාල පළවෙනි සැකකරු ලබාගත් ලක්‍ෂ 200 ක මුදල නැවත හර්බි හෙවත් නිර්මල බණ්ඩාර යන තැනැත්තාගේ යහළුවකු වන ලසන්ත මංජුල ද සිල්වා හරහා මෙම සිද්ධියේ පළමු පැමිණිලිකාරිය වන හරක් කටාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති යන අයට ලබා දී තිබෙනවා.තවද එම මුදල ලබා දී තිබෙන තැන පිළිබදවද අනාවරණය වුණා. එනම් නුගේගොඩ , නාවල පාර, විජයබා මාවත නැමති ස්ථානයේදි. එම නිවස අයිති විජේදාස රාජපක්ෂට බවයි අනාවරණය වන්නේ.

” තවද මෙලෙස මෙම සැකකරුවන් ලබා ගන්නා ලද මෙම මුදල් උණ්ඩියල් ක්‍රමය ඔස්සේ ගෙනා බවයි සඳහන් වන්නේ. ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් පවත්වනවා.තවද මෙම සැකකරුවන් තිදෙනා දුරකථන සම්බන්ධතා පවත්වනු ලැබු ජංගම දුරකථන සහ වට්සැප් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. තවද මෙම සැකකරුවන්ගේ වත්කම් සම්බන්ධයෙන් ද විමර්ශනය කිරීමට කටයුතු කරනවා.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *