චරිත රත්වත්තේට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුයෙකු වන චරිත රත්වත්තේ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

සැකකරුගේ විදේශය ගමන් බලපත්‍රයේ අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කර තිබේ. 

ඊට අමතරව සැකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වැළකිය යුතු බවත් තවත් නියෝගයක් පනවනු ලැබූ වාර්තා වෙයි. 

ඉන් අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 23 වෙනිදා කැඳවීමට අධිකරණය නියම කළේය.

අධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් මෙම නඩුකරය කැඳවනු ලැබුවේ මහෙස්ත්‍රාත්වරයාගේ නිලමැදිරිය තුළය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *