ජින්තුපිටියේ වෙඩිතැබීමක්

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී අද (16) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුවිය.

125 වත්ත නම් කොටසේ දී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, එහිදී බරපතළ තුවාල ලැබූ එක් අයෙකු රෝහල් ගතකර ඇත.

ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පැවසීය.

මෙම සිද්ධියේදී කුඩා පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *