තලපති විජේ හෙට මහඇමති ධුරයේ දිවුරුම් දෙයි..

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජයගත් තලපති විජේ හෙට මහ ඇමති ධුරයේ දිවුරුම්දීමට සැලසුම් කරමින් සිටින බවට ඉන්දීය මාධ්‍ය පවසයි.

මේ අනුව රජයක් පිහිටුවීමට අවශ්‍ය බලය තහවුරු කරගැනීමට ඔහුගේ TVK පක්ෂය කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

ඉන්දියානු ද්‍රවිඩ ප්‍රජාවගේ බලකොටුව ලෙස සැලකෙන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ අවසන් ප්‍රතිඵල පසුගියදා නිකුත් විය.

ඒ අනුව ප්‍රාන්ත ආසන 234න් 108ක් දිනා එම ප්‍රාන්තයේ ජය තහවුරු කරගත්තේ ජෝෂප් විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය විසිනි.

කෙසේ වෙතත් ප්‍රාන්තයේ මහඇමති ලෙස පත්වීමට නම් එක් පක්ෂයක් හෝ සන්ධානයක් ආසන 118ක් තහවුරු කරගත යුතු වේ.

මේ අනුව විජේගේ පක්ෂයට සහාය ලබාදීමට ආසන 5ක් සතු කොංග්‍රස පක්ෂය දැනටමත් ඉදිරිපත්ව සිටියි.

සෙසු  ආසන පහ සපුරා ගැනීමට DMK පක්ෂයේ සන්ධාන පක්ෂ වන CPI, CPM සහ VCK යන පක්ෂ ඉදිරිපත් වනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි. 

කඩිනමින් ජය තහවුරු කරගෙන හෙට (07) දිනයේදී තමිල්නාඩුවේ මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීම 51 හැවිරිදි තලපති විජේගේ සැලසුම බවට ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *