“ජනාධිපතිතුමා උතුරට ඇවිත් ‘පුක’ දුන්නා..”

දකුණේ ජනතාවට උතුරේ නිදහසේ ඇවිදීමට ඉඩ සලසා දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දකුණේ ජනතාව විසින්ම අද එළියට දමා ඇති බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් අංක 17 පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද(20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පැවති විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ දකුණේ ජනතාවගේ දෙවියන් වන මහින්ද රාජපක්ෂ ඔවුන් විසින්ම එළියට දමා ඇති බවයි.

මං මහින්ද රාජපක්ෂට විරුද්ධයි. ඔහු අපේ දෙවියන් නොවේ. ඔහු දකුණේ දෙවියන් නමුත් ඔහු නිසා තමයි දකුණේ ජනතාවට අද උතුරේ නිදහසේ ඇවිදින්න පුළුවන් වෙලා තියෙන්නේ.

නමුත් එම ජනතාව විසින්ම අද මහින්ද රාජපක්ෂ එළියට දාලා තියෙනවා.

මහින්ද රාජපක්ෂ නිසා තමයි අද ඔවුන්ට නිදහසේ උතුරට එන්න හැකියාව ලැබිලා තියෙන්නේ.

අපි ජාතිවාදයට විරුද්ධයි. දකුණේ ජනතාව පුළුවන් තරම් උතුරට ඇවිල්ලා උතුරේ තත්ත්වය දැක බලා ගන්න ඕන.

උතුරේ ජනතාව දකුණට එන්න ඕන. මාත් දකුණේ කෝවිල්වලට යනවා.

ඒ නිසා කවුරු හරි ජාතිවාදය අවුස්සන කතා කියනවානම් ඒකට අපි විරුද්ධයි.

ඒ නිසා උතුරේ ජනතාව දකුණට එන්න ඕන නැහැ. දකුණේ ජනතාව උතුරට යන්න ඕන නැහැ. වගේ ජාතිවාදී කතා කියන ඒවට විරුද්ධයි යනුවෙන්ද අර්චුනා මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *