නව අධ්යාපන ප්රතිසංස්කරණ හකුලා ලෙසත් ,අධ්යාපන අමාත්යවරියට ඉල්ලා අස්වන ලෙසත්,බලකරමින් අධ්යාපන අමාත්යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්යයක් ග්රහයක් ආරම්භ කිරීමට දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානය තීරණය කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා පැවසීය.
හෙට (12වැනිදා ) පෙ.ව 9.00 සිට ආරම්භ කරන මෙම සත්යග්රහ ව්යාපාරයට එක් වන ලෙස සියලු දෙමව්පියන්ට විවෘත ආරාධනයක් කරන බව විමල් වීරවංශ මහතා පැවසීය.
අද දහවල් කොළඹදී පැවති විශේෂ මාධ්ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ විමල් වීරවංශ මහතා තවදුරටත් කියා සිටියේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීම සඳහා නව අධ්යාපන ප්රතිසංස්කරණ හරහා ගෙන එන වැඩපිළිවෙල පරාජය කිරීමට දරුවන්ට ආදරය කරන සියලු දෙමව්පියන් එක් විය යුතු බවයි.
දරුවන් උදෙසා සංවිධානයේ කැඳවුම්කරු ලෙස තමන් කටයුතු කරන බවත් එම සංවිධානයේ මූලිකත්වයෙන් සඳුදා ආරම්භ කරන මෙම සත්යග්රහ ව්යාපාරය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇති බවත් වීරවංශ මහතා අනාවරණය කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
“අද රටට අවශ්යව තිබෙන්නේ දරුවන්ට අවස්ථාවක් දෙන අධ්යාපන ප්රතිසංස්කරණයි. ඒ වෙනුවට දරුවන්ට නිසි අවස්ථා නොලැබෙන ප්රතිසංස්කරණ මෙම නව ප්රතිසංස්කරණ මගින් හඳුන්වා දී තිබෙනවා.
යෝජිත නව ප්රතිසංස්කරණ මගින් සිදුකරන්නේ සම්පූර්ණයෙන්ම ජාවාරමක් බව පැහැදිලියි.එම ජාවාරමට අමතරව දරුවන්ගේ අනාගතය විනාශ කිරීමේ වැඩපිළිවෙලද මෙම ප්රතිසංස්කරණවලට එක්ව තිබීම ඉතා බරපතල කාරණයක් වී තිබෙනවා.
මේ ගැන මුළු රටේම දැඩි අවධානය යොමු කර දරු පරපුර බේරා ගැනීමට පක්ෂ පාට ජාති භේදයකින් තොරව සියලු පාර්ශ්ව එකට එක්ව කටයුතු කළ යුතුයි.
අසභ්ය වෙබ් අඩවි සහ අසභ්ය YouTube නාලිකාවලට ඇතුළත් කරමින් මෙම නව අධ්යාපන ප්රසංස්කරණ හඳුන්වාදීම ඉතාම බරපතළ තත්ත්වයක් බව කිව යුතුයි.
මෙමගින් සිදුකිරීමට සැලසුම් කරන්නේ තාක්ෂණික මෙවලම් වැඩිපුර පරිහරණයට යොමු කර මුදල් එක් රැස් කිරීමේ මහා ජාවාරමක්.මෙම තත්ත්වයන් පිළිබඳව සමාජයේ විද්වතුන්ගේද වැඩි අවධානයක් යොමු විය යුතුයි.
මෙම මොඩියුල්වලට වෙබ් අඩවි ඇතුළත් කිරීම නිසා එම වෙබ් අඩවිවලට ලක්ෂ ගණනක් පිවිසෙනවා.එමගින් මුදල් සොයා ගැනීමේ විශාල ජාවාරමක් ක්රියාත්මක වෙනවා. එම මුදල් යන්නේ කාට ද …? මේවා වහා සොයාබැලිය යුතුයි.
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නව අධ්යාපන ප්රතිසංස්කරණ සැලසුම් කිරීමේකිරීමේදී එය ඉතා පරෙස්සමෙන් සිදු කළ යුතුයි.ඒ සඳහා නියමු ව්යාපෘති වැනි දේවල් සිදුකර විද්වතුන්ගේද විශාල සංවාදයක් ඇතිකොට රටට සහ දරුවන්ගේ අනාගතයට මෙන්ම නවීන ලෝකයට ගැලපෙන පරිදි ඉතා පරිස්සමෙන් සකස් කළ යුතු වෙනවා.
නමුත් නව අධ්යාපන ප්රතිසංස්කරණ ගෙන ඒමේදී එලෙස කටයුතු කළේ නැහැ ඒ අනුව නව අධ්යාපන ප්රතිසංස්කරණ කඩුමුඩියේ සකස් කිරීම නිසා මෙවැනි සමාව දිය නොහැකි වැරදි සිදුව තිබෙනවා.
දරුවන්ගේ අනාගතය ගැන. රටේ අනාගතය ගැන දැක්මක් නැති මේ අයට මේ විනාශය කරන්න ඉඩ දෙන්න බැහැ.ඒ නිසා නව අධ්යාපන ප්රතිසංස්කරණ හකුලා ගන්නා තෙක් අධ්යාපන අමාත්යාංශය ඉදිරිපිට සඳුදා ආරම්භ කරන සත්යයක්රහය අඛණ්ඩව අපි ඉදිරියට ගෙන යනවා ඊට හැකි අයුරින් දායකත්වය ලබා දෙන ලෙස රටට. දරුවන්ට ආදරය කරන ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.” යැයි විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.



