‘දිට්වා’ ලංවිම කැඩීමත් කල් දමයි

රට මුහුණදුන් ව්‍යසනයත් සමග ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු මාස කිහිපයකට කල් යා හැකි බව විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව, විදුලිබල මණ්ඩලය අහෝසි වී සමාගම් බවට පත්වීම කල් යනු ඇතැයි එම ආරංචිමාර්ග පැවසීය.

මණ්ඩලය අහෝසි කර සමාගම් කිරීමේ දිනය විෂයභාර ඇමැතිවරයා විසින් තීරණය කෙරෙනු ඇත.

ස්වාභාවික ව්‍යසනයෙන් ආපදාවට පත් දිස්ත්‍රික්කවල විදුලිය යථා තත්ත්වයට පත් කර ජනතාවට විදුලිය ලබා දීම ප්‍රමුඛ කාර්යයක් ලෙස හදිසි ප්‍රතිසංස්කරණ සිදු කෙරේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *